සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක්

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක්

July 2, 2024   01:27 pm

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළේය.

පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදී තිබුණි.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයා ගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

එම පිහි ඇනුම සිදුකළ ළමයා, රැඩිකල් අදහස් වලින් යුක්ත අයෙක්ද යන්න සම්බන්ධයෙන් ද බලධාරීන් සොයාබලන බව වාර්තා වෙයි.