බිහිසුණු බස් - ලොරි අනතුර

බිහිසුණු බස් - ලොරි අනතුර

July 4, 2024   10:46 am

හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත දෙටස ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලම දෙසට ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි. 

අනතුරින් බස් රථයේ බඳ කොටසට දැඩි හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු පැවසීය.