පුත්‍රයාගේ පහරදීමෙන් පියාට දිවි අහිමිවෙයි

පුත්‍රයාගේ පහරදීමෙන් පියාට දිවි අහිමිවෙයි

July 1, 2024   11:26 am

ඉපලෝගම පොලිස් වසමේ, හිරිපිටියාගම ප්‍රදේශයේ දී පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ.

ඊයේ (30) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු හිසේ ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිට බිම වැටී මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 66 හැවිරිදි අලුත් පාර, හිරිපිටියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 34 හැවිරිදි මියගිය පුද්ගලයාගේ පුතා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුත්‍රයා විසින් ඝාතනයට ලක්වූ සිය පියාට නිතර පහරදීම් සිදුකර ඇති බවත්, ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු හා මරණකරු පමණක් නිවසේ සිට ඇති බවත් මරණකරුගේ බිරිඳ විසින් පොලීසියට පවසා තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඉපලෝගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.