පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්

පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්

June 28, 2024   06:18 pm

පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

මධ්‍යම පේරු රාජ්‍යයේ Atiquipa  ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හටගත් භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 7. 2ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද පසුව එය ඉවත් කර ඇති බව සඳහන් වේ.

වාර්ෂිකව භූකම්පන සිය ගණනක් පමණ සිදුවන රටක් ලෙස පේරු රාජ්‍යය සැලකේ.