කලා ඔය ආශ්රිත පහත් බිම්වල පදිංචි අයට අනතුරු ඇඟවීමක්
November 4, 2024 05:38 pm
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබේ.
එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කලා ඔයට මුදා හරියි.
එබැවින් කලා ඔය ආශ්රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන වාරි ඉංජිනේරුවරයා පැවසීය.
ඉහළ ජල පෝෂක ප්රදේශවලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණහොත් රාත්රී කාලයේ දී තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බවට ඔහු වැඩිදුරටත් පැවසීය.