කැනඩාවෙන් සහ අමෙරිකාවෙන් ආ මත් පාර්සල්

කැනඩාවෙන් සහ අමෙරිකාවෙන් ආ මත් පාර්සල්

June 28, 2024   05:31 pm

සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් තුළ සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය ඇති බවට සැකකළ පාර්සල් 6ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ.

එහිදී එම පාර්සල්වල තිබී කොකේන් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,030ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,177ක් තිබී සොයාගෙන ඇත.

මෙම පාර්සල් කැනඩාව සහ අමෙරිකාවේ සිට කොළඹ, කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබේ. 

අදාළ ලිපිනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම ලිපිනයන් ව්‍යාජ ඒවා බවය.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190කට ආසන්න බවය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.