ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා ගැන විවාදය අඟහරුවාදා

ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා ගැන විවාදය අඟහරුවාදා

June 28, 2024   02:29 pm

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත් වේ.

මේ අතර ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත. 

එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.