දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමක්

June 28, 2024   02:20 pm

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනිමට ලක්වී ඇති බවය.

මෙම අනතුර සිදුවී ඇත්තේ අද (28) උදැසන 11 ට පමණ වන අතර දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පීලි පැන ඇති බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොඩි මැණිකේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.