උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

June 23, 2024   05:22 pm

අද (23) උදෑසන ඉඟුරු ඔය ගසක් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

අද (23) උදෑසන ඉඟුරු ඔය සහ ගලබොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබුණි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් පැය 09ක පමණ කාලයකට පසුව පස්වරු 3ට පමණ ගස කපා ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.