පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සජිත්ගේ පිලට යයි

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සජිත්ගේ පිලට යයි

June 16, 2024   09:12 pm

තමාට ලන්ඩන් නුවර හෝ වෙනත් රටක සංචාරය කිරීමට වඩා රජරට ගොවියා සමග කාලය ගතකිරීමට ලැබීම සතුටක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ රජරට ගොවි ජන සමුළුවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ රජරට ගොවි ජන සමුළුව අද (16) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා මෙහිදී සජබ වේදිකාවට එක්වුණි.