තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ

June 26, 2024   08:56 am

සෙවනගල පොලිස් වසමේ මහගම ජනපදය ප්‍රදේශයේ පුද්ගලයෙකුව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 33ක් වූ මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග සිය මස්සිනා පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අසල්වැසි පුද්ගලයෙකු සමග ඇති කරගත් ආරවුලකට මැදිහත් වීමේ දී අසල්වැසි පුද්ගලයා කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.

සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.