මන්නාරමේදී උරුමය ඉඩම් ඔප්පු බෙදා දෙයි 

මන්නාරමේදී උරුමය ඉඩම් ඔප්පු බෙදා දෙයි 

June 16, 2024   12:42 pm

"උරුමය " වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

"උරුමය " සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ අද (16)  සිදු කෙරුණි.