එංගලන්තයට ජය

එංගලන්තයට ජය

June 16, 2024   07:07 am

20යි 20 ලෝකකුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ එංගලන්තය සහ නැමීබියාව අතර තරගය අද (16) පැවැත් වුණි.

අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ එම තරගය DLS ක්‍රමවේදයට අනුව ලකුණු 41 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගය පන්දුවාර 10කට සීමා විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්වාර 10 තුළදී කඩුලු 5කට ලකුණු 122ක් රැස් කළේය.

එහිදී Harry Brook නොදැවී ලකුණු 47ක් රැස්කළේය.

නැමීබියාවට ලැබුණු ඉලක්කය ලකුණු 125කි.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නැමීබියා කාණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 03ක් දැවී ලකුණු 84ක් පමණි.