ඉන්දියාව සහ කැනඩාව අතර තරගය අත්හැර දමයි

ඉන්දියාව සහ කැනඩාව අතර තරගය අත්හැර දමයි

June 15, 2024   09:56 pm

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ කැනඩාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වේ.

එමෙන්ම මේ වනවිට A කාණ්ඩයෙන් ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ද, C කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය ද  D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව ද සුපිරි 8 තරග වටයට සුදුසුකම් ලබා සිටී.