ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

May 26, 2024   06:03 pm

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රි ලාංකිකයෙකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

උමේෂ් බාලා රවින්ද්‍රන් නැමැති 45 හැවිරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ මධ්‍යම අපරාධ කාර්යාංශය මගින්න් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

2010 වසරේ ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රි ලාංකිකයා රජයේ ලියකියවිලි නීති විරෝධි ලෙස සකස් කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේ දීද අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.

2016 වසරේ නීතිවිරෝධී ලෙස යළි ඉන්දියාවට සංක්‍රමණය වී ඇති මොහු කර්නාටක ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බව එරට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු සතුව තිබි නීති විරෝධී ලෙස සකස් කරන ලද ලිපි ලේඛන, රියදුරු බලපත්‍ර, ජංගම දුරකතන මෙන්ම පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාර ශ්‍රි ලාංකිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ බිරිඳ, දරුවන් තිදෙනා ද සමඟ ශ්‍රි ලංකාවට පළායාමට උත්සහ දරා ඇති අතර ගුවන්තොටුපොළේ රැඳී සිටියදී ඔවුන් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.