ඉන්දීය මැතිවරණයේ අලුත්ම තත්ත්වය
April 27, 2024 04:30 pm
ලොව වැඩිම ඡන්ද දායකයින් සහිත රට වන ඉන්දියාවේ මහ මැතිවරණය පසුගිය 19 වනදා ඇරඹුණු අතර එහි දෙවන අදියර ඊයේ (26) නිමා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු අදියරේදී ඡන්ද දායකයින් 65%ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර දෙවෙනි අදියරේදී එය 61%ක් දක්වා අඩුවී ඇති බවය.
මැතිවරණ ප්‍රතිඵල ජුනි 4 වනදා වනවිට ප්‍රකාශයට පත්කිරීමට හැකිවෙතැයි අනුමාන කරයි.
ඡන්ද විමසීම අදියර 07ක් යටතේ පැවැත්වෙයි.
තෙවැනි අදියර මැයි 07 වනදා පැවැත්වෙන අතර සිව්වන අදියර මැයි 13, පස්වන අදියර මැයි 20, හයවන අදියර මැයි 25 සහ හත්වන අදියර ජුනි 01 වනදා පැවැත්වෙනු ඇත.