පරිසරයට හානි කරනවා දැක්කොත් ඉක්මනින් දැනුම් දෙන්න

පරිසරයට හානි කරනවා දැක්කොත් ඉක්මනින් දැනුම් දෙන්න

April 18, 2024   11:11 am

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997  දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 දරණ හදිසි ඇමතුම් අංකය මේ වනවිට හඳුන්වා දී තිබේ.

ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පාරිසරික හානියක් සිදුවන්නේ නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය සඳහන් කරයි.