ගසක් කඩාවැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ගසක් කඩාවැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

April 17, 2024   08:01 pm

අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයකට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදෙශයෙන් මෙලෙස අවහිර වී ඇති බවය.

ගස කඩාවැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට හනි සිදුවී ඇත.

මේ වනවිට ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් අවහිර වී ඇති බැවින් මාවනැල්ල සිට අරණායක දෙසට ගමන් ගන්නා සියලු ජනතාවට වැලිගල්ල හරහා උස්සාපිටිය මාර්ගය භාවිත කරන ලෙස මාවනැල්ල පොලීසිය දැනුම්දී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.