හෙදියකට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන් ද ?

හෙදියකට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන් ද ?

April 17, 2024   06:32 pm

රෝගී තත්ත්වයෙන් පෙළුණු සිය සැමියා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු හෙදියක එම චෝදනාවට වරදකාරිය කිරීමට අධිකරණයක් තීරණය කර ඇත.

මෙම පුවත වාර්තාවන්නේ ඔස්ට්‍රේලියාවෙනි.

මෙම චෝදනාවට වරදකරු වී ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන හිටපු හෙද නිලධාරිනියකි. 

අදාළ සැකකාර කාන්තාවගේ සැමියා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් සිට ඇති බවද එම වාර්තා සඳහන් කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ හිටපු හෙදිය සිය සැමියා ඝාතනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියට වරදකරු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2021 වර්ෂයේදී රෝහල තුළදී ඇය සිය සැමියාට එන්නතක් ශරීරගත කිරීම හරහා මෙම ඝාතනය සිදුකිරීමට උත්සාහ කිරීමේ චෝදනාව අධිකරණය හමුවේ ඔප්පු වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම උත්සාහයෙන් අදාළ පුද්ගලයාගේ දිවි බේරුණු නමුත් ඊට මාස කිහිපයකට පසුව එම කාන්තාවගේ සැමියා මියගොස් තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැය 8කට ආසන්න කාලයක් ජූරි සභාව සාකච්ඡාවක නිරතවීමෙන් පසුව එම කාන්තාව වැරදිකරු බවට පත්කර ඇත.

මිනී මැරීමේ චෝදනාව යටතේ වරදකරු වන තැනැත්තෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය හැකිය.