දමිතා යළි රිමාන්ඩ්
April 17, 2024 12:14 pm
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.