ජීවිතයක් අහිමි කළ පවුල් ආරවුල

ජීවිතයක් අහිමි කළ පවුල් ආරවුල

April 30, 2024   07:33 am

ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ (29) එම ඝාතන වාර්තා වී ඇත්තේ,  මොනරාගල සහ කටුගස්තොට පොලිස් වසම්වලිනි.

මොනරාගල, නක්කල ප්‍රදේහයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එක් කාන්තාවක් මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, නක්කල, මොනරාගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ බෑනා විසින් එලෙස තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිඳ කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා සිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තම මිතුරාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පල්ලේමුල්ල, හල්ඔලුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.