හෙල්මටයත් අතහැර පැනගිය මහබාගේ වෙඩික්කරු
March 29, 2024 11:48 am
ඊයේ මහබාගේ, මත්තුමගල ප්‍රදේශයේ නිවසකට T - 56 අවියකින් වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණි තුවක්කුකරු සමග එම නිවසේ සිටි පුද්ගලයෙක් පොරබදා ඇති අතර එහිදී ගිනි අවියේ මැගසීනය බිම වැටී ඇති අතර තුවක්කුකරුගේ හිස් ආවරණය ගැලවී ගොස් තිබුණි.
එහිදී කලබල වූ වෙඩික්කරු එම ස්ථානයෙන් කඳාන දෙසට පළාගොස් ඇති බව සඳහන් ය.
ප්‍රදේශයේ සවිකර ඇති CCTV දර්ශන භාවිතයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
එසේම තුවක්කුකරු සමග පොරබැදූ පුද්ගලයා සාමකාමී පුද්ගලයෙක් බවත් වෙඩික්කරුවන් වෙනත් පුද්ගලයෙක් සොයා පැමිණෙන්නට ඇතැයි පොලීසිය අනුමාන කරන බව ඔහු කීය.