අද සිට අනිද්දා දක්වා දුම්රිය ප්‍රමාදයක්

අද සිට අනිද්දා දක්වා දුම්රිය ප්‍රමාදයක්

March 29, 2024   10:10 am

අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබේ.

කෙසේවෙතත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.