පොලිස් නිලධාරිනියගේ දුක්ගැනවිල්ලට පොලිස්පති දුන් විසඳුම

පොලිස් නිලධාරිනියගේ දුක්ගැනවිල්ලට පොලිස්පති දුන් විසඳුම

March 28, 2024   04:08 pm

අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.

අදාළ නිලධාරිනියගේ ස්වාමි පුරුෂයා විසින් පොලිස්පතිවරයා වෙත දුරකථන කෙටි පණිවිඩයක් මගින් නිලධාරිනියට මුහුණදී ඇති අපහසුතා සඳහන් කරමින් දුක්ගැනවිල්ලක් යොමු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වෙමින් මෙම පොලිස් සැරියන්වරිය ට ඇය පදිංචි මහව පොලිස් වසම වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇත.

මෙම නිලධාරිනිය, කුඩා දරුවන් තිදෙනා හා ස්වාමිපුරුෂයා සමග මහව පොලිස් වසමේ පදිංචිව සිටින අතර, දෛනිකව රාජකාරි සඳහා අඹන්පොළ පොලිස් ස්ථානයට පැමිණෙන බවට වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත්, නිලධාරීනියගේ දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබානොදීම පිළිබඳව අඹන්පොල ස්ථානාධිපති සහ අදාළ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පොලිස්පතිවරයා දොස් පවරා ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.