මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා අනතුරකින් මරුට

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා අනතුරකින් මරුට

March 28, 2024   11:23 am

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුර සිදුවී ඇත්තේ ඊයේ (27) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදීය.

පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කේ. අකිලේන්ද්‍රන් මහතා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වී ඇත.