චීන රජයත් වියදම් කප්පාදුවකට සැරසෙයි
සයුරෙන් එතෙර

චීන රජයත් වියදම් කප්පාදුවකට සැරසෙයි

April 2, 2023   11:51 am

චීන රජයේ ඇතැම් වියදම් ක්‍රමානුකූලව කප්පාදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම රාජ්‍ය සේවාකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් ද චීන රජයේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණ හේතුවෙන් චීනය තුළ රජයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇති බව පැවසෙයි.

විරෝධය දැක්වීම සඳහා චීනයේ වැඩිහිටියන් දහස් ගණනක් මාර්ගවලට රැස්වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන්, රට පුරා ප්‍රධාන නගර හතරකට රැස්වී ප්‍රතිලාභ කපාහැරීමේ තීරණ ඉවත් කරගන්නා ලෙස බලධාරීන්ට බලකර සිටින බවද සඳහන් ය.