මගී ගුවන් යානයක් තාප්පයක ගැටෙයි
සයුරෙන් එතෙර

මගී ගුවන් යානයක් තාප්පයක ගැටෙයි

October 12, 2018   03:50 pm

එයාර් ඉන්දීයා ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ඉන්දීයාවේ තිරුචි ගුවන්තොටුපලෙන් ගමන් ආරම්භ කිරීමේදී එහි තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී යානයේ  රෝද දෙකකට හානි සිදුව ඇති බවට නිරික්ෂණය වී ඇත.

අනතුරෙන් පසු යානය මුම්බායි ගුවන්තොටුපල වෙත ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර යානයේ සිටි මගීන් 136 දෙනාට හෝ කාර්යය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි ගුවන් තොටුපල වෙත යැවීමට පියවර ගෙන තිබේ.