හිරුණිකා බන්ධනාගාරගත කළ යුතුයි

හිරුණිකා බන්ධනාගාරගත කළ යුතුයි

October 11, 2018   08:30 pm

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද(11) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරියන් මඟ නැගුම අරමුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් සොරා ගෙන ඇති බවට මේ වන විට අණාවරණය වී ඇති බවට වාර්ත වන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පවසයි.

මේ වන ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් හා සියළු දෙනා හොරකම් කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයින් වැඩිදුරටත් පැවසීය.