දිය යට සිට රූබික් ගණිත ගැටළු විසදු තරුණයෙක් ගිනස් පොතට
සයුරෙන් එතෙර

දිය යට සිට රූබික් ගණිත ගැටළු විසදු තරුණයෙක් ගිනස් පොතට

August 18, 2018   03:13 pm

දිය යට කිමිදී  රූබික් ගණිත ගැටළු විසඳා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට උත්සහ කළ තරුණයෙකු පිළිබඳව පුවතක් ජෝජියාවෙන් වාර්තා විය.

එම වාර්තාවට මීටපෙර හිමිකම් කියනු ලැබුවේ අමෙරිකානු ජාතිකයෙකු වන අතර ඔහු එය පිහිටුවනු ලැබුවේ 2014 වර්ෂයේදීයි.

දිය යට කිමිදී රූබික් කැට 6ක් ඇසුරින් තම දස්කම් පෙන්වමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට18 හැවිරිදි ජෝජියා තරුණයෙකු උත්සහ කර තිබේ.

මෙහිදී ඔහු දිය යට ගතකළ කාලය විනාඩියයි තත්පර 44 ක් පමණ වන බව සඳහන් වේ.

මෙම වාර්තාවට මීටපෙර හිමිකම් කියනු ලැබුවේ අමෙරිකානු ජාතිකයෙකු බවත් ඔහු එය පිහුටුවනු ලැබුවේ 2014 වර්ෂයේදී බවත් ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවියේ දැක්වේ.

2015 වර්ෂයේදී තවත් අමෙරිකානු ජාතිකයෙක්  දියයට කිමිදී  රූබික් කියුබ් ගණිත ගැටළු අටක් විසඳීමට සමත් වී ඇති නමුත් තාක්ෂණික අංශයන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ගිනස් වාර්තා කමිටුව එම ප්‍රතිඵලය පිළිගෙන නැහැ.

කෙසේ වෙතත් පෙර පැවති වාර්තාව බිඳ හෙලීමට ජෝජියාවේ සිදුකළ උත්සාහය සාර්ථක බවට ගිනස් වාර්තා කමිටුව ඉඟි පළකර තිබේ.

එම වාර්තාව පිහිටුවීම සඳහා මෙම පුද්ගලයා ඉදිරිපත්ව තිබුණේ අඛණ්ඩව මාස හයක කාලයක් දෛනිකව පැය කිහිපයක් පුහුණුවීම් කටයුතු වල නිරත වීමෙන් අනතුරුවයි.