අයහපත් කාලගුණය නිසා මධ්‍යම කඳුකරයේ ජන ජීවිතයට බාධා

අයහපත් කාලගුණය නිසා මධ්‍යම කඳුකරයේ ජන ජීවිතයට බාධා

July 11, 2018   11:18 am

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික සුළං තත්ත්වයක් සහ කඩින් කඩ අධික වර්ෂාව පතිත වීමෙන් ජන ජීවිතයට බාධා පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් මෙම අධික සුළං තත්ත්වය පවති.

පවතින අධික සුළං තත්ත්වයත් සමඟ ප්‍රධාන මාර්ගය අභියස තිබෙන ගස් වල අතු කඩාවැටීමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ තිබේ.

පවතින දැඩි සුළං තත්ත්වයක් නිසා වරින් වර විදුලිය ද විසන්ධි වීම් සිදුවූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පවතින අයහපත් කාලගුණය සමඟ ඝන මිදුම් තත්ත්වයක්ද වරින් වර මතු වෙයි.

පවතින අයහපත් කාලගුණයත් සමඟ එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.