16 දෙනාගෙන් බහුතරයකට නැවත පාර්ලිමේන්තුවට ඒමට නොහැකියි

16 දෙනාගෙන් බහුතරයකට නැවත පාර්ලිමේන්තුවට ඒමට නොහැකියි

June 24, 2018   10:17 am

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  16 දෙනාගෙන් බහුතරයකට නැවත පාර්ලිමේන්තුවට ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ(23) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන කනාගාටු වන බව අමාත්‍යවරයා  සඳහන් කරන අතර ඔවුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම දොරවල් වැසී ඇති බව  අමාත්‍යවරයා පැවසීය.