කැලණිය විහාරයෙන් සොරා ගත් ගජමුතු වව්නියාවේ විකුණද්දි කොටුවෙයි

කැලණිය විහාරයෙන් සොරා ගත් ගජමුතු වව්නියාවේ විකුණද්දි කොටුවෙයි

June 14, 2018   10:22 am

කැලණිය රජමහා විහාරස්ථානයෙන් සොරගත් ගජමුතු 10ක් වව්නියාව ප්‍රදේශයේ විකිණීමට ඇති බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වව්නියාවේ එක්තරා ස්ථානයක් වෙත පසුගිය දිනක ළඟා විය.

එහිදී ජාවාරම්කරුවන් උපක්‍රමයක් ලෙස අපව එක්වරම නියමිත ස්ථානයට රැගෙන නොගිය අතර වෙනත් ප්‍රදේශ කිහිපයකටම ඔවුන් පළමුව අපව කැඳවාගෙන යනු ලැබීය.

අනතුරුව වව්නියාවේ පාලු ප්‍රදේශයකයට අපව කැඳවූ ජාවාරම්කරුවන් එහිදී එක් ගජමුතුවක් අපවෙත පෙන්වනු ලැබීය.

ඒ අනුව එය පරීක්ෂා කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ජාවාරම්කරුන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී මොවුන් සතුව තිබූ ගජමුතුව රුපියල් ලක්ෂ 04කට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ අතර අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පරස්පර අදහස් පල කළේය.

මොවුන් දෙදෙනා එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ව සිට පසුව පුනරුත්ථාපනය වූවන් බව මෙහිදී අනාවරණ විය.

ඔවුන් සන්තකයේ තිබූ ගජමුතු පිළිබඳ පරික්ෂණ පැවැත්වෙන අතර සැකකරුවන් දෙදෙනා වව්නියාව පොලීසිය බාරයට පත් කෙරුණි.

ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් හෙළිදරව් කිරීමට උකුස්සා සීරුවෙන්.