රජයේ පරිපාලන නිලධාරීන් අද අනිවාර්ය ලෙඩ නිවාඩු දමයි

රජයේ පරිපාලන නිලධාරීන් අද අනිවාර්ය ලෙඩ නිවාඩු දමයි

June 14, 2018   06:53 am

 

රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු දමා අද (14) දිනයේ සේවා කටයුතු වලින් ඉවත් විමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කලේ පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම  තීරණය ගෙන ඇති බවයි.

අදාළ දීමනාව ලබාදීම පිළිබදව සොයාබැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කර ඇති අතර එමගින් එම දීමනාව ලබාදීම තවදුරටත් ප්‍රමාද වන බව රෝහණ ද සිල්වා මහතා පවසයි.

රජයේ පරිපාලන නිලධාරීන් 2462කු අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතු වලින් ඉවත් වන බවයි රාජ්‍ය පරිපාලන සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.