රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

June 8, 2018   06:13 am

‍රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි පසුගිය 06 වනදා අළුයම යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් කැබ් රථයක් නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු විය.

එහිදී වාරිමාර්ග අමාත්‍යංශයට අයත් කැබ් රථයට සහ නිවසට හානි සිදුව ඇති අතර යශෝධ රංගේබණ්ඩාර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිසිය, පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පැදවීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.