ඉදිරි මැතිවරණයේදී එජාපයට විරුද්ධ බලවේග එකතු කළ යුතුයි

ඉදිරි මැතිවරණයේදී එජාපයට විරුද්ධ බලවේග එකතු කළ යුතුයි

May 26, 2018   06:44 pm

 

ඉදිරි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සියලු බලවේග ඒකරාශී කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සංවිධානය කළ “හෘද සාක්ෂීයේ නිදහස” සම්මන්ත්‍රණයට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තවත් දස දෙනෙක් පමණ නුදුරේදීම විපක්ෂය සමග එක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතා පැවසීය.

මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළමු රැලිය අද මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර මෙය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.