කළු ගඟේ ජල මට්ටම ඉහළ යයි-ජනතාවට අනතුරු ඇඟවීමක්

කළු ගඟේ ජල මට්ටම ඉහළ යයි-ජනතාවට අනතුරු ඇඟවීමක්

May 23, 2018   04:37 pm


පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර ප්‍රදේශවල ජනතාව ඉතා කෙටි දැනුම් දීමකදී ආරක්ෂිත ප්‍රදේශ බලා ඉවත්වීමට සූදානමින් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

----------------------------------------------------------------------------------------------------------------------

පවතින වර්ෂාපතනය හේතුවෙන් අද(23) රාත්‍රිය වන විට කළු ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කළු ගඟ ආශ්‍රිතව ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරි වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.