දින තුනක් වයසැති බිළිදෙකුගේ මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

දින තුනක් වයසැති බිළිදෙකුගේ මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

May 16, 2018   07:28 pm

හපුතලේ සිංගාරවත්ත ජලය බැසයන කාණුවක තිබි බිළිඳු මළ සිරුරක් අද (16) සවස හමුවු බව හපුතලේ පොලීසිය පවසයි.

ප්‍රදේශවාසින් මේ පිළිබඳව හපුතලේ පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිසිය විසින් මෘතදේහය හපුතලේ දිසා රෝහලට රැගෙන ගොස් මෘත ශරිරාගාරයේ තබා තිබේ.

බිළිදා දින 3 කට පමණ පෙර උපදින්නට ඇතැයි විශ්වාස කරන අතර හපුතලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.