කේපාපිලව් රක්ෂිත සීමාවේ ගින්නකින් අක්කර 40 ක් විනාශ වෙයි

කේපාපිලව් රක්ෂිත සීමාවේ ගින්නකින් අක්කර 40 ක් විනාශ වෙයි

April 21, 2018   09:31 pm



මුලතිව්,කේපාපිලව් රක්ෂිත සීමාවේ  හටගත් ගින්න හේතුවෙන් අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් පවසයි.

ඊයේ (20) සවස ගින්න හට ගැනීමෙන් අනතුරුව යුධ හමුදා නිලධාරීන් මැදිහත්වි යුධ හමුදා ජල බවුසර රථ යොදා ගනිමින් හා යුධ හමුදා සෙබළුන් යොදා ගනිමින් ගින්න පැතිරයාම වැළැක්වීමට කටයුතු කර ඇත.

මුලතිව් යුධ හමුදා නිළධාරීන් පැවසූවේ ගින්න මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන සීමාවෙන් එපිට ප්‍රදේශයේ හටගෙන ඇති අතර, ගින්න හේතුවෙන් සිදුවීමට තිබු මහා විනාශය වළක්වා ගැනීමට යුධ හමුදා නිළධාරීන්ට හැකි වු බවයි.

ජල බවුසර රථ මගින් ජලය ඉසීම හා යුධ හමුදා සෙබළුන් මැදිහත්වීම මත දැඩි පරීශ්‍රමයක් යොදා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවා දැමීමට හැකි වු බවද යුධ හමුදා නිලධාරීන් පැවසූහ.