පන්සල් පාලනය කිරීම වැරදි දෙයක්

පන්සල් පාලනය කිරීම වැරදි දෙයක්

April 21, 2018   06:52 pm



නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ සකස් කෙරෙන පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් විහාරස්ථානයක් ඉදිකිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ රාමඤ්ඤය  නිකායේ මහනායක අති පූජ්‍ය  නාපානේ පේමසිරි  නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

පන්සල් පාලනය කිරීම වැරදි දෙයක් බවත් මේ සම්බන්ධයෙන් ජනතාව හා ස්වාමීන්වහන්සේලා දැනුවත් කළ යුතුව ඇති බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.