මම තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන්නනේ නෑ

මම තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන්නනේ නෑ

April 21, 2018   05:13 pm



එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇතුළු සෙසු තනතුරුවල වෙනසක් ඉදිරියේදී සිදුවන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමතුංග මහතා පවසයි.

තමන් තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලනය සිදු නොකරන බව ජෝන් අමතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉදිරි වසර දෙක තුළ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවද බහුතරය තවමත් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.