හෙරොයින් එක්ක තරුණයා පොලිස් දැලේ

හෙරොයින් එක්ක තරුණයා පොලිස් දැලේ

April 21, 2018   11:36 am




හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙකු බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 100ක් සෙයාගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පිටකොටුව, 05 වන හරස් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද මාලිගාකන්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.