පුංචිගේ මඟුලට ගිහින් නොයෙන ගමන් ගිය 7 හැවිරිදි පුංචි මොහොමඩ්

පුංචිගේ මඟුලට ගිහින් නොයෙන ගමන් ගිය 7 හැවිරිදි පුංචි මොහොමඩ්

April 16, 2018   10:14 pm



පා පැදියක් දිය ඇලකට වැටීමෙන් එය පදවාගෙන ගිය කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව උඩප්පුව පොලීසිය කියයි.

මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබේ.

මිය ගොස් ඇත්තේ කොළඹ පදිංචිකරුවෙකු වන මොහොමඩ් කාසිම් නිශාර් (අවු:07) නම් වූ පිරිමි දරුවෙකි.

මිය ගොස් ඇති දරුවාගේ මවගේ මව්පියන් පදිංචිව සිටින්නේ කීරියන්කල්ලිය ප්‍රදේශයේය.

මවගේ නැගණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මිය ගොස් ඇති දරුවා තම මව්පියන් සමඟ පැමිණ ඇත.

සවස කීරියන්කල්ලිය - ආඩිගම මාර්ගයේ කුඩා දරුවන් පිරිස පා පැදි වල නැගී විනෝද වෙමින් සිට ඇති අතර එක් වරම මිය ගොස් ඇති දරුවා පදවාගෙන ගිය පා පැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වතුර ගලා යන ඇළට වැටී ඇත.

සෙසු දරුවන්ගේ දැණුම් දීම මත අසල්වැසියන් පැමිණ දියේ ගිළී ගිය දරුවා සොයා ගෙන මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මියගොස් ඇති දරුවාගේ මල සිරුර මව්පියන්ට බාර දී ඇත.

උඩප්පුව පොලීසියේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් විසින් විමර්ශණ කටයුතු සිදු කරන ලදී.