සූර් වී ආ පියා කකුල් දෙකේ අස්ථි බිදෙනකල් දරුවාට පහරදීලා

සූර් වී ආ පියා කකුල් දෙකේ අස්ථි බිදෙනකල් දරුවාට පහරදීලා

April 16, 2018   10:04 pm


වවුනියාව මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දොළොස් හැවිරිදි ළමයෙකුට ඔහුගේ පියා විසින් පහර දීම නිසා එම ළමයා බරපතළ ලෙස තුවාල ලබා  වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

පියා විසින් කළ පහර දීම නිසා එම ළමයාගේ පාද දෙකටම බරපතළ ලෙස  හානි සිදු වී පාද දෙකේම අස්ථි බිදී ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසති.

කේ .ඉසෙයිප්‍රියාන් නැමති මෙම ළමයාට පියා බීමත්ව පැමිණ මුළු රැය පුරාම පහර දුන් බව තුවාල ලබා ඇති ළමයාගේ මව පොලීසියට පවසා ඇත.

මාන්කුලම පොලීසිය හා වවුනියාව රෝහල් පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යන අතර ළමයාට පහර දුන් පියාව අත් අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇතත් සැකකාර පියා නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.