උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල වැසෙයි-බර වාහන ධාවනයට අවසර

උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල වැසෙයි-බර වාහන ධාවනයට අවසර

April 16, 2018   07:22 pm



උඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර ඇති  පාලමේ සිහින් පිපිරිම් කිපයක් සිදුව ඇති බැවින් එය මතින් බර වහාන ධාවනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ අතර මේ වන විට යළිත් බර වාහන ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු සුජිව ගුණසේකර මහතා පවසයි.

වාන් දොරටු විවෘතව තබන වේලාවන්හි දී පමණක් මෙලෙස වාහන ධාවනය සීමා කර ඇති බව කාර්ය භාර  නිලධාරීවරයා පවසයි.

වාන් ගේට්ටු සවිකර ඇති පාලමේ මෙවැනි පිපිරීම් දැකිය හැකි බවත්, මේ පිළිබඳ අවධානය යොමු කරමින් බර වාහන ධාවනය සීමා කළ බව, මේ වන විට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

උපරිම ජල මට්ටම ඉක්මවා යෑමත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් පසුගිය දා විවෘත කළ අතර, මේ වන විට වාන් දොරටු සියල්ල වසා දමා ඇති බව සඳහන්ය.