රම්බොඩ ඇල්ලේ දිය නාන්න ගිය පාසල් සිසුවා ජිවිත චාරිකාව නිමා කරයි

රම්බොඩ ඇල්ලේ දිය නාන්න ගිය පාසල් සිසුවා ජිවිත චාරිකාව නිමා කරයි

March 22, 2018   05:11 pm



කොත්මලේ රම්බොඩ ඇල්ලේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් එම ඇල්ලේ වලක ගිලි ජිවිතක්‍ෂයට පත්වි ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය. 

මෙසේ ජිවිතක්‍ෂයට පත්වි ඇත්තේ කොළඹ වේල්ල විදියේ අමිඩි අල් හුස්නියා ජාතික පාසලේ 12 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අවුසුල් ඉන්සාබි නැමැති (18) හැවරදි සිසුවෙකි.

එම පාසලේ සිසුන් හතලිස්දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මීට දින තුනකට ප‍්‍රථම නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු කොළඹ බලා යන අතරතුර අද (22) පස්වරු 1.30 ට පමණ රමිබොඩ ඇල්ල ප‍්‍රදේශයේ දිය නෑමට ගිය අවස්ථාවේ ජිවික්‍ෂයට පත් සිසුවා සහ තවත් සිසුන් පිරිසක් දියනාමින් සිටියදි මෙම සිසුවා එක්වරම එම වලේ ගිලි අතුරුදහන්වි ඇති බව පොලීසිය පැවසුවේය.

අතුරුදහන්වු සිසුවාගේ සිරුර කොත්මලේ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලක්‍ෂ්මන් අඹේරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරින් සහ දිය ඇල්ල අවට ප‍්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණ සඳහා කොත්මලේ රෝහල වෙත යොමුකර ඇති අතර පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් පසු මියගිය සිසුවාගේ සිරුර එම පාසලේ ගුරුවරුන් වෙත භාර දෙන බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ලලිත් මහගෙදර මහතා පැවසීය.