රට තුළ ඇති වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයක්

රට තුළ ඇති වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයක්

February 19, 2018   11:05 am



රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද පස්වරු 4 සිට 7 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි. 

ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විවාදය අද දිනයේ පැවැත්විය යුතු බවයි. 

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 15 කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත් වූ අතර එහිදී එම තීරණය ගෙන ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේය.

ඒ අනුව රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද පස්වරු 4 සිට 7 දක්වා පැවැත් වෙනු ඇත.