ඡන්දෙන් පසු රැස් වූ තීරණාත්මක කැබිනට් රැස්වීම

ඡන්දෙන් පසු රැස් වූ තීරණාත්මක කැබිනට් රැස්වීම

February 14, 2018   12:43 pm

වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් තීරණය කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

අද උදෑසන 10.30 ට පමණ ආරම්භ වූ මෙම කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන සියළු ඇමතිවරුන් සහභාගී ‍වී සිටි බව වාර්තා වෙයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව පැවැත්වුණ පළමු කැබිනට් රැස්වීම මෙයයි. 

වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ ජනාධිපතිවරයා සහ අග්‍රමත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පිරිසක් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණියා.

මේ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරු කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව අද අමාත්‍යවරුන්ගේ පළමු කැබිනට් හමුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.