නියෝජිතයන් පත් කරන්න තව දවස් කීපයක් යයි

නියෝජිතයන් පත් කරන්න තව දවස් කීපයක් යයි

February 13, 2018   02:34 pm




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත්වන නියෝජිතයන් නම් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එහි ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මැතිවරණ කොමිසම මඟින් ලබාදෙන කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා පත් විය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදෙන නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසා අදාළ නායකයින් පත්කරන බව අදාළ නිවේදනයේ සඳහන්ය.