වෙළඳසැලක ගින්නක්

වෙළඳසැලක ගින්නක්

February 13, 2018   11:20 am




රාගම, ගණේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

රාගම පොලීසිය, ගම්පහ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ හානිය ද මෙතක් තක්සේරු කර නොමැති බව පොලීසිය පැවසුවේය.