ගුවන්  ප්‍රහාරවලින් 32ක් මැරිලා
සයුරෙන් එතෙර

  ගුවන් ප්‍රහාරවලින් 32ක් මැරිලා

January 16, 2018   03:44 pm


ඇෆ්ගනිස්ථානයේ ෆාරා ප්‍රාන්තයට එල්ල කළ ගුවන්  ප්‍රහාරවලින් තලෙයිබාන් සටන්කාමීන් 32 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අය අතර එම සංවිධානයේ ප්‍රධාන නායකයින් දෙදෙනෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශ තම පාලනයට ගැනීමට උත්සාහ දරන බැවින් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බව එරට ආරක්ෂක අංශ සඳහන් කර ඇත.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදා සහ නේටෝ සංවිධානයේ හවුල්කාර හමුදා එක්ව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.